
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්ගයේ ගමන් කරමින් සිටි 24 හැවිරිදි කාන්තාවකට පහරදී තුවාල සිදුකර අතවර කර ඇය සතු ලක්ෂ දෙකකට වැඩි වටිනා රන්මාලය සහ ජංගම දුරකථනය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් අරඹා තිබේ.
කොල්ලකා පලාගිය නොච්චියාගම පොලිසිය සිද්ධියට මුහුණ පෑ තරුණියගේ මව කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ එම තරුණිය නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
24 හැවිරිදි එම කාන්තාව සහ සැමියා අතර ඇති වූ ආරවුලකින් පසු සැමියා නිවසෙන් පිටව යන අවස්ථාවේදී, ඇයද සැමියා පසුපසින් මඳ දුරක් ගමන් කර, ආපසු හැරී නිවසට ගමන් කරමින් සිටියදී මෙම අතවරයට සහ කොල්ලකෑමට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධියට මුහුණ පෑ කත රාත්‍රී 10.30ට පමණ වෑකන්දක් මතින් ගමන් කරමින් සිටියදී පුද්ගලයකු පැන ගෙල ප්‍රදේශයෙන් අල්ලා ගෙන කැලයට ඇද ගෙන ගොස්, බෙල්ල මිරිකා පහරදී, තමා සතුව තිබූ රුපියල් ලක්ෂ 2ක් වටිනා රන් මාලය සහ රුපියල් 26000ක් වටිනා ජංගම දුරකථනය උදුරාගෙන, තමාගේ ඇඳුම් ගැලවීමට යෑමේදී ඔහුගෙන් මිදී පලා ආ බව එම කාන්තාව සිදුකළ ප්‍රකාශවල සටහන් වේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නොච්චියාගම පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart