
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රහස්පතින්දා රාත්‍රියේ කිතුල්ගල ගුරුමැටිය ප්‍රදේශයේදී මාසයක් වයසැති බිළිඳෙකු ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකින් කොළඹ-හැටන් අධිවේගී මාර්ගයට වැටී ඇතත්, ආශ්චර්යවත් ලෙස ජීවිතය බේරී ඇත.
‘ලංකාදීප’ වාර්තා කර ඇති ආකාරයට මීගමුවේ සිට තවත් පිරිසක් සමඟ ගමන් කරමින් සිටි මව ත්‍රිරෝද රථයේ පිටුපස නිදාගෙන සිටියදී මෙලෙස ළදරුවා උකුළින් වැටී ඇත.
ත්‍රිරෝද රථය පසුපසින් පැමිණි මෝටර් රථයකින් පැමිණි පිරිසක් පාරේ වැටී සිටින දරුවා දැක කිතුල්ගල පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී බිළිඳා වහාම කිතුල්ගල රෝහල වෙත යවා ඇත.
සිද්ධිය නොදැන සිටි මව ඇතුළු පිරිස ගමන දිගටම කර තිබේ.
බිළිඳා අතුරුදන් වූ බව දැනගත් ඔවුන් ආපසු ගොස් සොයා බලද්දී දරුවා රෝහල්ගත කර ඇති බව ප්‍රදේශවාසීන්ගෙන් දැනගන්නට ලැබී තිබේ.
පසුව ඔවුන් කිතුල්ගල රෝහලට ගොස් දරුවා සිය සන්තකයට ගෙන තිබේ.
වෛද්‍යවරු බිළිඳා පරීක්ෂා කර ඇති අතර කිසිදු තුවාලයක් නොමැති බව අනාවරණයවී ඇත.
කෙසේවෙතත්, පසුව වැඩිදුර නිරීක්ෂණය සඳහා බිළිඳා මව ද කැටුව කරවනැල්ල මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart