
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විල්ගමුව පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීමට අද (29) පෙරවරුවේ එක්විය.
“අස්වැසුම” වැඩසටහන පිළිබඳව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවට එක්වීමට යන අතරතුර පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ සිටි සිසු දරුවන් දුටු ජනාධිපතිවරයා ඔවුන් අසලට ගොස් සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීය.
එහි සිටි ගුරුවරුන් සමඟ ද කතාබහකට එක් වූ ජනාධිපතිවරයා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම පාසලේ අඩුපාඩු පිළිබඳව ද විමසා බැලීමට කටයුතු කළේය.
එහිදී ඉදිරිපත් කෙරුණු ගැටලු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳව සොයාබලන බවට සිසු දරුවන්ට පොරොන්දු වූ අතර ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද සිය ආශීර්වාදය පිරිනැමීය.
මේ අතර ඒ අසල රැස්ව සිටි දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ තොරතුරු විමසීමට ද ජනාධිපතිවරයා අමතක නොකළ අතර රාජකාරි බහුල වුවද දරුවන් මඟහැර නොගොස් ඔවුන්ගේ තොරතුරු විමසීමට පැමිණීම පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර සිටියහ.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart