
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසලට නොගැළපෙන ආකාරයෙන් කොණ්ඩය සකස් කරගෙන තිබීම සම්බන්ධයෙන් සිසුවකුට කළ අවවාදයක් මුල් කරගෙන පාදුක්ක බෝපේ රාජසිංහ ජාතික පාසලේ ශිෂ්‍ය නායකයකුට පහර දුන් බව කියන එම පාසලේම ඉගෙනුම ලබන ශිෂ්‍යයකුගේ පියකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
පාසලට නොගැළපෙන ආකාරයට කොණ්ඩය සකස් කරගෙන පාසල් පැමිණ ඇති සිසුවා 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයකු බව පොලිසිය කියයි.
ශිෂ්‍ය නායකයා විසින් අවවාද කිරීමේදී දෙදෙනා අතර බහින්බස් වීමක්ද සිදුව ඇති බව විමර්ශනයේදී පෙනීගොස් ඇත.
එම අවස්ථාවේදී ශිෂ්‍ය නායකයා විසින් 11 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවාට පහර දී ඇති බව පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා පාසලට පැමිණ ඇත්තේ ඒ සම්බන්ධයෙන් විමසීමටය.
එහිදී ඇති වූ කතාබහේදී සැකකරු විසින් ශිෂ්‍ය නායකයාට පහර දී ඇතැයි පොලිසිය කියයි.
ශිෂ්‍ය නායක සිසුවාගෙන් පහර කෑමට ලක් වූ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන අතර එම සිසුවාගේ පියාගෙන් පහරකෑමට ලක්වූ ශිෂ්‍ය නායක සිසුවා හෝමාගම රෝහලට ඇතුළත්ව ද ප්‍රතිකාර ගන්නා බව පොලිසිය කියයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart