
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලි – දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගය ඉදිකිරීම මාර්තු 1 වැනිදා ගල්ගමුව, ගැටදිවුල, කාසිකොට ප්‍රදේශයෙන් ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
දුම්රියේ ගැටීමෙන් මියයන අලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, එය ජාතික හා අන්තර්ජාතික අවධානයට ලක්ව ඇති පාරිසරික හා සංවර්ධන ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි අමාත්යංශය පෙන්වාදෙයි.
පසුගිය වසර කිහිපය තුළ දුම්රිය මාර්ගවල සැරිසරමින් දුම්රියේ ගැටීමෙන් වන අලි 150ත් 200ත් අතර සංඛ්‍යාවක් මියගොස් තිබෙන බව එම අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව, අලි – දුම්රිය ගැටුම වැළැක්වීමේ ජාතික මෙහෙයුමේ පළමු පියවර ලෙස ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ (Indian Credit Line) මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන Maho-Omanthai දුම්රිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ යෝජිත වනජීවී උමං මාර්ගය ඉදිකිරීමට තීරණයක් ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් වන අලි 200කගේ පමණ ජීවිත ආරක්‍ෂා කරන අතර, දුම්රිය අනතුරු වැළැක්වීමට, දුම්රිය දේපළ ආරක්ෂා කිරීමට සහ දුම්රිය මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට දායකත්වය ලබාදෙන බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart