
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අද (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ඇමැතිවරයාව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක්කරමින්, රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ඔහුගේ නීතීඥයන් අදාළ පෙත්සම ගොනුකර තිබේ.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබියුලින් (IVIG) එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය පෙබරවාරි 02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.
අත්අඩංගුවට ගැනීමට පෙර පැය 10කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart