
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2004 වර්ෂයේ ඇති වූ සුනාමි තත්ත්වයෙන් විනාශයට පත් කඩොලාන පරිසර පද්ධති ප්‍රතිනිර්මාණය කිරීමේ සහ පුනර්ජීවනය කිරීමේ ආදර්ශවත් කටයුත්ත සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රතිස්ථාපන ධජ සම්මානයෙන් පිදුම්ලබා තිබේ.
ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් ජාසිංහ සහ වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි විසින් පෙබරවාරි 27 වැනි අඟහරුවාදා කෙන්යාවේ නයිරෝබි හි පැවති එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී සම්මානය පිළිගනු ලැබීය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන සහ මහ කොමසාරිස් වේලුප්පිල්ලෙයි කනනාදන් (Veluppillai Kananathan) ද ඔවුන් සමඟ එක්ව සිටියහ.
එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රතිස්ථාපන ධජ සම්මානය යනු, සියලුම ජීවින් සඳහා උපකාර වන මෙම අත්‍යවශ්‍ය පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබාදී ඇති කල්පවත්නා විසඳුම්, කාලෝචිත ලෙස පිළිගැනීමකි.
එක්සත් ජාතීන්ගේ පරිසර සභාවේ හයවැනි සැසිවාරය 2024 පෙබරවාරි 26 සිට මාර්තු 1 දක්වා කෙන්යාවේ නයිරෝබි හි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) මූලස්ථානයේදී පැවැත්වේ.
එසේම, කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැගීමට සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් අගයමින්, Aquaman චිත්‍රපටයේ තරුව වන Momoa විසින් ශ්‍රී ලංකාව ‘එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රතිස්ථාපන ධජයක්’ ලෙස ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව සුබපැතූම් එක්කර තිබේ.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන වෙනුවෙන් වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් Jason Momoa ශ්‍රී ලංකාවේ ප්රයත්නයන් අගය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart