
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සහතික කිරීමේ කථානායකවරයාගේ ක්‍රියාව අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නීතිපති සංජය රාජරත්නම් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා සැළකිල්ලට ගනිමින් එම පෙත්සම ඉදිරියට ගෙන යෑමට අවසර දීම ප්‍රතික්ෂේප කර ඇත.
පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතක් කථානායකවරයා විසින් සහතික කිරීමෙන් පසු ව්‍යවස්ථාදායක කටයුතුවලට මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පවසමින් නීතිපතිවරයා විරෝධතා මතුකර තිබේ.
කථානායකවරයා විසින් ඔන්ලයින් ආරක්ෂණ පනත පිළිබඳ සහතිකය නීතියෙන් වලංගු නොවන බව ප්‍රකාශ කරන ලෙස සුමන්තිරන් සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
පෙත්සම්කරු විසින් වගඋත්තරකරුවන් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ නීතිපතිවරයා දක්වා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart