
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාබනික පොහොර භාවිතය මෙරට ජාතික පොහොර ප්‍රතිපත්තියට ඇතුළත් කළ යුතු බව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ පවසා ඇත.
මේ පිළිබදව සාකච්ඡා වුයේ ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
කෙටි, මධ්‍ය කාලීන හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභාවේ අනුකමිටුව විසින් සකස් කරන ලද ආහාර සුරක්ෂිතතාව සඳහා වන සංකල්පමය ප්‍රතිපත්ති මෙදින සළකා බලන ලද අතර සැළැස්ම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.
කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුම් දී ඇති අතර ඒ අනුව සෑම ප්‍රදේශයකම ගොවීන් දැනුවත් කිරීමට සැලසුම් සකස් කරන බව කමිටු සභාපතිවරයා පවසා ඇත.
කාබනික පොහොර යොදාගනිමින් ගොවිතැන් කරන ආදර්ශ කෘෂිකාර්මික ගොවිපළ වෙත සෘජුවම ගොස් එහි තත්ත්වයන් සොයාබැලීමට යොමුවන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් දිරිගැන්වීමේ අවශ්‍යතාව පෙන්වාදී ඇති කමිටු සභාපතිවරයා, පොහොර භාවිතය සම්බන්ධයෙන් ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළහොත් සාධනීය වෙනසක් ඇති කළ හැකි බව ද පෙන්වාදී ඇත.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, සුදත් මංජුල යන පිරිස සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart