
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විධිමත් විමර්ශනයක් සිදුකර ප්‍රගතිය වාර්තා කරන ලෙසට තම අධිකරණය නියෝගයක් ලබාදී තිබියදීත්, පොලිස් විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්යාලංකාරගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා නොගත්තේ ඇයිදැයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇත.
රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ලංකා සමාගමින් ලබාදුන් රුපියල් මිලියන 70ක මුදලක් වෙනත් කටයුතු සඳහා යොදවා අවභාවිත කිරීමේ චෝදනා යටතේ නාමල් රාජපක්ෂට එරෙහිව පොලිස් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකළ බවත්, රවි වෛද්‍යාලංකාර ක්‍රිෂ් ලංකා සමාගමේ අධ්යක්ෂවරයකු ලෙස පත්වීමෙන් පසුව එම විමර්ශන අඩපණ කොට ඇති බවත්, පෙන්වා දෙමින් දූෂණ විරෝධී පෙරමුණේ වසන්ත සමරසිංහ කර තිබූ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා එලෙස විමසා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනත් විමර්ශන සම්බන්ධයෙන් ද අනුගමනය කරනුයේ එවැනි පිළිවෙතක් දැයි විමසා සිටි මහෙස්ත්‍රාත්වරයා, වහාම රවි වෛද්යාලංකාරගෙන් ප්‍රකාශ සටහන් කොට විමර්ශන සිදුකර විමර්ශනවල ප්‍රගතිය ලබන මස 27 වැනිදා තම අධිකරණයට වාර්තා කරන ලෙසට ද විමර්ශන නිලධාරීන්ට නියෝග කර ඇත.
එම නඩුව පෙර දිනයේ කැඳවූ අවස්ථාවේදී වසන්ත සමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල ඇතුළු නීතිඥ මණ්ඩලය කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ, රවි වෛද්‍යාලංකාර සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විධිමත් විමර්ශන සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කොට තිබේ.
එකී නියෝග අනුව ඊයේ (28) අධිකරණයට එකී විමර්ශන අංශ ලිඛිත කරුණු දැක්වීම් සිදුකර තිබූ නමුත්, රවි වෛද්යාලංකාරගෙන් ප්‍රකාශ සටහන් කළේ දැයි මහෙස්ත්‍රාත්වරයා විමසූ පැනයට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නිලධාරියා මෙතෙක් ප්‍රකාශ සටහන් කර නොමැති බව දැනුම් දී ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart