
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘අස්වැසුම’ වැඩසටහනේ දෙවැනි අදියරේ අයැදුම්කරුවන් සඳහා තොරතුරු සහතික කිරීමේ ක්‍රියාවලිය අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ඊයේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා තිබේ.
2024 ජුනි මාසයේ සිට පවුල් ඒකක මිලියන 2.4ක් සඳහා ප්රතිලාභ ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ඇමැතිවරයා සදහන් කර ඇත.
ව්‍යාජ තොරතුරු මත ප්රතිලාභ ලැබූ පුද්ගලයන් 7,000ක් පමණ අභියාචනා සහ විරෝධතා හේතුවෙන් වැඩසටහනෙන් ඉවත් කර ඇති බවද හෙතෙම පවසා තිබේ.
“වැඩසටහනේ පළමු අදියර සඳහා පවුල් ඒකක මිලියන 3.4ක් සහතික කර තිබෙනවා. එයින් පවුල් මිලියන 1.9ක් ප්රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබෙනවා. ලැබුණු අභියාචනා සහ විරෝධතා තක්සේරු කිරීමෙන් අනතුරුව, 2024 ජූලි මාසයේ සිට තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා ගෙවීම් ආරම්භ කිරීමට සුබසාධන ප්රතිලාභ මණ්ඩලය සූදානම් වෙනවා. මේ වන විට අපට අයදුම්පත් 200,000 සිට 250,000 දක්වා ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම භාරදෙන අයදුම්පත්‍ර දැනට අපගේ මාර්ගගත ක්‍රමය හරහා සකස් කෙරෙමින් පවතිනවා. දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම 2024 මාර්තු 15 න් පසුව අවසන් වීමට නියමිතයි. අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම සහන ප්රතිලාභ සඳහා පුද්ගලයන් නුසුදුසු වන බව සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්.” ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.
අභියාචනා සහ විරෝධතා 1,227,000ක් ලියාපදිංචි කර ඇති අතර ඉන් 1,197,000ක් පමණ විසඳා ඇති බවත්, මුල් අයැදුම්පත්‍ර කාලය තුළ අයැදුම්පත්‍ර ඉදිරිපත් නොකිරීම නිසා සුබසාධන ප්රතිලාභ නොලැබුණු පිරිසක් සිටින බවද හෙතෙම අනාවරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart