
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව පොලිස්පතිවරයා ලෙස පත් වූ දේශබන්දු තෙන්නකෝන් අද පොලිස් මූලස්ථානයේදී වැඩ භාරගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුව පෙබරවාරි 26 දින පත්කරනු ලැබීය.
1971 වසරේ උපත ලැබූ ඔහු 1998 වසරේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පොලිස් ජීවිතය ආරම්භ කර තිබේ.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.
පොලිස්පතිවරයා ලෙස වැඩ භාරගැනීමට පෙර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ඔහු සේවය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart