
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘සමර්ත්’ මුර නෞකාව සහ අභිනව් නම් වේගවත් මුර නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුව එම නෞකා ඊයේ ගාල්ලට ළඟාවී තිබේ.
මෙම නෞකාවන් 2024 මාර්තු 01 වැනි දින දක්වා රැඳී සිටින අතර පසුව දිවයිනෙන් පිටත්ව යෑමට පෙර 2024 මාර්තු 02-05 දක්වා කොළඹට පැමිණේ.
ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවල අණදෙන නිලධාරීන්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට නියමිතය.
නැව් මෙරට රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සඳහා ගිනි නිවීම් සහ හානි පාලනය, සමුද්‍ර දූෂණ ප්‍රතිචාර පිළිබඳ පුහුණුව ලබාගන්නා අතර තවත් වෘත්තීය අන්තර්ක්‍රියා කිහිපයක් පවත්වනු ඇත.
තවද, යෝගා, වෙරළ පිරිසිදු කිරීම සහ පාගමනක් වැනි ක්‍රියාකාරකම් ද මෙම සංචාරයේදී පැවැත්වේ.
ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය සහ එහි හැකියාව පිළිබඳ ජනතාව අතර සම්බන්ධතාව සහ දැනුවත් කිරීම තවදුරටත් සිදු කිරීම සඳහා, එම නැව් පාසල් සිසුන්ට නැරඹීම සඳහා විවෘත වේ.
ආරක්‍ෂක ධූරාවලියේ සහ සිවිල් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අමුත්තන් සඳහා මෙම නෞකාවන් පිළිගැනීමේ උත්සවයක් පවත්වනු ඇත.
මෙම ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකා සංචාරය කලාපයේ සමුද්‍රීය ආරක්‍ෂක අභියෝගවලට කාර්යක්ෂමව මුහුණදීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ සහ පිරිස්වල හැකියාවන් ඉහළ නැංවීමට සැළකිව යුතු ලෙස උපකාරී වනු ඇත.
ඉන්දීය නාවික නෞකා සහ සබ්මැරීන් කෝරා, කබ්රා සහ කරන්ජ් පසුගිය මාස කිහිපය තුළ කොළඹට යාත්‍රා කර තිබිණි.
ඉන්දීය නාවික සහ වෙරළාරක්ෂක යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ වන්නේ ඉන්දියාවේ සාගර් (කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය) මූලධර්මය සහ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තියට අනුකූල වන මිත්‍ර අසල්වැසි නාවික හමුදා දෙක අතර සුහදතාව සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart