
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයකු මේ දිනවල ත්‍රිකුණාමලයේ පැවැත්වෙන බාලදක්ෂ ජම්බෝරියට රාජකාරි වාහනයෙන් තම දරුවා ගෙන ගොස් දින පහක් තිස්සේ සිටින බව දුම්රිය සේවකයෝ පවසති.
ඔහු රාජකාරි ආවරණයක් කරන මුවාවෙන් ත්‍රිකුණාමල දුම්රිය ස්ථානයේ ඉහළ මහලේ පිහිටි වායුසමනය කළ මගී විවේක කාමරයක්ද වෙන් කරගෙන සිටින බවත්, රියැදුරු සහිතව දෙපාර්තමේන්තුවේ නිල වාහනයද එහි තබාගෙන සිටින බවත්, සේවකයෝ කියති.
ඔහු නිවාඩු ලබා නොගෙන තම බිරිය හා දරු දෙදෙනා සමඟ ත්‍රිකුණාමලය බලා ගොස් ඇත්තේ ඉකුත් 20 වැනිදාය.
දුම්රියේ ඕනෑම පන්තියක ගමන් කළ හැකි විශේෂ බලපත්‍රයක්ද හිමි නිලධාරියකු වන ඔහු, නිවාඩු ලබාගෙන ඉතා පහසුවෙන් දුම්රියෙන් ගමන් කළ හැකිව තිබියදී මෙසේ රාජකාරියක නිරත වන බව පෙන්වමින් සිදුකරන වංචාව පිළිබඳව අප්‍රසාදය පළ කරන එම සේවකයෝ මේ පිළිබඳව සොයාබැලීමට කටයුතු කරන්නැයි දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart