
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රතු මුහුදේ දැනට ක්‍රියාත්මක ආරක්ෂක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධ වීම එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා අගය කර තිබේ.
ඔහු නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික මෙහෙයුම් හැකියාවන් තවදුරටත් පුළුල් කිරීම සඳහා 4 වැනි වෙරළාරක්ෂක නෞකාවද ශ්‍රී ලංකාවට තිළිණ කිරීමට නියමිත බවයි.
ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස වෙනුවෙන් රට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද යළි අවධාරණ කර තිබේ.
යේමනයේ සහාය ලබන හූති කැරලිකරුවන්ගෙන් රතු මුහුද ආරක්ෂා කිරීමේ සටනට එක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක් පිටත්ව යෑමට සූදානම් බව මීට පෙර ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබුණේ පසුගිය ජනවාරි මාසයේ දීය.
ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ රතු මුහුදු ප්‍රදේශයේ නැව්වලට හූති සටන්කරුවන් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් නාවික ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවත් ඒ අනුව නෞකා රතු මුහුදේ යාත්‍රා කිරීම වෙනුවට දකුණු අප්‍රිකාව වටා නැව් නැවත ගමන් කළහොත් එය භාණ්ඩ ප්‍රවාහන පිරිවැය ඉහළ යෑමට හේතුවක් වනු ඇති බවයි.
ජනාධිපතිවරයාගේඉයෝග අනුව රතු මුහුද, අරාබි මුහුද, ඒඩන් බොක්ක සහ වෙළෙඳ යාත්‍රා භාවිත කරන යාබද මුහුදු මාර්ග ආවරණය වන පරිදි අන්තර්ජාති මුහුදේ ආරක්ෂාව සඳහා නෞකාවක් යෙදවීමට නියමිත බව නාවික හමුදාවද ප්‍රකාශ කර තිබිණි.
එම යුද නෞකාව සඳහා අමතර වියදමක් නොමැති බවත් දකුණු ශ්‍රී ලංකාවේ අන්තර්ජාති මුහුදු සීමාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැටළීම්වල යෙදී සිටින නාවික හමුදා යාත්‍රාවලට දරන වියදමට එය සමාන බවත් නාවික හමුදාව පවසයි.
එසේම හෙලිකොප්ටර් බැස්සීමේ පහසුකම් ද එම නැව් සතු බව පැවසිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart