
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් සිටින නේවාසිකාගාරවලට මෙන්ම අනාරක්ෂිත යැයි හඳුනාගෙන ඇති ශිෂ්‍ය නේවාසිකාගාරවලට සීසීටීවී කැමරා සවි කිරීමට පියවර ගෙන ඇතැයි එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී. මධුජිත් පවසයි.
ශිෂ්‍යාවන් සිටින නේවාසිකාගාරවල ආරක්ෂාව තහවුරු කරන ලෙසට දිනපතා ඉල්ලීම් ලැබෙන බවද නියෝජ්‍ය උපකුලපතිවරයා සඳහන් කරයි.
මහවැලි ගඟ අසල ඉදිකර ඇති නේවාසිකාගාර මෙන්ම විශ්වවිද්‍යාලයට දුරින් වන්නට ගම්මානවල පිහිටි නේවාසිකාගාර පිළිබඳව විශේෂ අවධානයක් යොමුව ඇතැයිද හෙතෙම ප්‍රකාශ කර ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව ශිෂ්‍ය නේවාසිකාගාර 23ක් තිබෙන බවත්, අයිවර් ජෙනින්ස්ගේ සංකල්පයකට අනුව මීට වසර 80කට පමණ පෙර සිට ඉදිකළ එම නේවාසිකාගාර තාප්ප රහිතව විවෘතව පවතින බවත් ඔහු පවසයි.
සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ නේවාසිකාගාරය පිහිටි ගම්මානය අවට නිරන්තරව මත්ද්‍රව්‍ය භාවිතයන්, කෝලාහල හා සොරකම් වාර්තා වන බැවින් එම නේවාසිකාගාරයේ කැමරා සවිකිරීමට තීරණය කර ඇතැයිද මහාචාර්යවරයා සඳහන් කරයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart