
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ඉරිදා (25) දින ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකක මීයන් හමු වී තිබේ.
ඒ හේතුවෙන්, ගුවන් ගමන් ප්‍රමාද කිරීමට සිදු වූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ පවසා ඇත.
එසේම, කාර්මික දෝෂ හේතුවෙන් තවත් ගුවන් යානා දෙකක් ප්‍රමාද කිරීමට සිදු වූ බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කර තිබේ.
එම සාකච්ඡාවට එක්වූ වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, මෙම සතුන් ගුවන් යානය තුළට රිංගා ගත්තේ කෙසේද යන්න පිළිබඳව සොයාබැලීමක් සිදුකරන ලෙස පවසා ඇත.
ඒ අනුව, බිම් හැසිරවීමේ කාර්ය මණ්ඩලයේ 15 දෙනකු නොසිටීම මෙම ගැටළුවලට හේතුව ලෙස ප්‍රකාශ වී තිබේ.
නිවාඩු ඉල්ලුම් නොකර සේවයට වාර්තා නොකළ පුද්ගලයන් සේවයෙන් ඉවත් කරන ලෙසට ඇමැතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart