
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් විරෝධතා පා ගමනක් හා තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් හයදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන මැයි 13 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (26) නියෝග කර ඇත.
එම නඩුවේ පළමුවන සැකකාර විමල් වීරවංශ උණ රෝගය වැළඳී ඇති බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වන බව දැනුම්දී ඇතැයි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කර තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණයට පැමිණ සිටි සාක්ෂිකරුවන්ට එදින යළි පෙනී සිටින ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
එම නඩුවේ සෙසු සැකකරුවන් වන ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනවිරත්න හා මොහොමඩ් මුසම්මිල් යන පස්දෙනා ඊයේ (26) අධිකරණය හමුවේ පෙනීසිට තිබේ.
පොලිස් ආඥා පනත හා මංමාවත් පනත උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය එම නඩුව පවරා ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart