
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාසල් සිසුන් සඳහා ගත යුතු පූර්වාරක්ෂාවන් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙම චක්‍රලේඛය සමන්විත වන්නේ, ඇතිවිය හැකි තාප කැක්කුම, තාප විඩාව හා තාපය නිසා ඇතිවන වෙනත් බලපෑම් සහ ඒවායේ බලපෑම අවම කිරීම සඳහා පූර්වාරක්ෂාව සම්බන්ධ උපදෙස් ලැයිස්තුවකි.
අධික උෂ්ණත්වය පවතින අවස්ථාවන් වලදී එළිමහන් ක්‍රියාකාරකම්, ක්‍රීඩා සීමාකිරීම සහ අනෙකුත් එළිමහන් ක්‍රියාකාරකම් සම්බන්ධ උපදෙස් ද අමාත්‍යාංශය විසින් ලබා දී ඇත.
මෙම කාලසීමාව තුළ සිසුන් සඳහා අවශ්‍ය නිරන්තර ජල විවේකයක් ලබාදෙන ලෙස පාසල් බලධාරීන්ගෙන් ද ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart