
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
15 හැවිරිදි දැරියක් මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් 17 හැවිරිදි ඇගේ මිතුරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී මෙම දැරිය අපයෝජනයට ලක්කළ ‘මිස්ට බීන්’ නමැත්තා සොයා පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
15 හැවිරිදි තම දියණිය තම නිවසින් අතුරුදන් බව කියමින් පසුගිය 22 වැනිදා වස්කඩුව නාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, ඒ ඔස්සේ නිලධාරීන් විමර්ශනයක් අරඹා තිබේ.
මෙහිදී අනාවරණය වී ඇත්තේ, එම දියණිය පැමිණිලිකාර මව සමඟ අමනාපව 17 හැවිරිදි සැකකාර දියණිය සමඟ නිවෙසින් පිටව ගොස් ඇති බවය.
කෙසේවෙතත් කරන ලද දීර්ඝ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, මෙම 17 හැවිරිදි දැරිය සිය 15 හැවිරිදි මිතුරිය මීගමුව ප්‍රදේශයේ පිහිටි සිය ඥාති නිවෙසට ගෙනයන මුවාවෙන් මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ඇය රැගෙන ගොස් ඇති බවය.
පසුව එම දැරිය සම්බාහන මධ්‍යස්ථානයට පැමිණි ව්‍යාපාරිකයකුට අලෙවි කර සැකකාර 17 හැවිරිදි මිතුරිය මුදල් ලබාගෙන ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඒ අනුව පොලිසිය උපාය දූතයකු යොදවමින් මෙම දැරියන් කළුතර ප්‍රදේශයට ගෙන්වාගෙන ඇති අතර, පසුව සිද්ධිය සම්බන්ධයෙන් දැරියන් දෙදෙනාගෙන් ප්‍රශ්න කොට තිබේ.
පසුව පහළොස් හැවිරිදි දැරිය කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකුට යොමු කොට පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම දැරිය අපයෝජනයට ලක්ව ඇති බවය.
ඒ අනුව, 17 හැවිරිදි දැරිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, බාලවයස්කාර දැරියක් නීත්‍යනුකූල බාරකාත්වයෙන් තොරව අපයෝජනය ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමිනි.
15 හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කළ ව්‍යාපාරිකයා සොයා විමර්ශන ක්‍රියාත්මක වන අතර, කළුතර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart