
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරියේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඊට සමගාමීව ටින් අංකය (TIN – Tax ldentification Number) ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරමින් එම වැඩපිළිවෙළ සාර්ථක ලෙස දියත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉදිරියේ දී වයස අවුරුදු 18ට වැඩි අයට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී බදු අංකය ලබාදීම සිදුකරන අතර එය ලෝකයේ බොහෝ රටවල භාවිතවන ජනතාවට පහසු ක්‍රමවේදයක් බවත්, ඔහු පවසයි.
මේ ගැන වැඩිදුරටත් රාජ්‍ය ඇමැතිවරයා ජනමාධ්‍ය හමුවේ මෙසේද පවසා තිබේ.
“අපි සූදානම් වෙන්නේ පුළුවන් තරම් කණ්ඩායම් වශයෙන් ලියාපදිංචි කිරීම තුළින් මේක ඉක්මන් කරන්න. මේ සියල්ලටම කැබිනට් පත්‍රිකාවක් අපි ඉදිරිපත් කරනවා. ඊළඟ කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත් කරලා අපිට පුළුවන් වේවි මේ වැඩපිළිවෙළ සාර්ථක කරගන්න.
අපි බලාපොරොත්තු වෙන්නේ කණ්ඩායම් වශයෙන් ලියාපදිංචි කර ටින් අංකය ලබාදීම ඉදිරියේදී අවුරුදු 18ට වැඩි අයට ජාතික හැඳුනුම්පත් නිකුත් කරනකොට ඊට සමගාමීව ටින් අංකය එහෙමත් නැත්නම් බදු ලියාපදිංචිය ලබා දෙනවා. එහෙම හඳුන්වා දීලා මේ අංක දෙකම එකක් බවට පරිවර්තනය කරනවා. ලෝකේ බොහෝ රටවල්වල එහෙම තියෙනවා. ඒක බොහොම සරලයි. හැම කෙනකුටම පහසුයි. ඒක තමයි අපේ ඉලක්කය.”(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart