
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශ කණ්ඩායම සමග ලබන මස 04 වැනිදා ආරම්භ වන පන්දුවාර 20 තරගාවලියේ පළමු තරග ද්විත්වය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උපනායක චරිත් අසලංකට බොහෝදුරට හිමිවනු ඇති බව වාර්තාවේ.
ඒ, ශ්‍රී ලංකා පන්දුවාර 20 නායක වනිඳු හසරංගට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග දෙකක තහනමක් පනවා ඇති බැවිනි.
මේ අතර, ඇෆ්ගනිස්ථානය සමග පළමු එක්දින ක්‍රිකට් තරගයේදී පාදයේ අබාධයකට ලක්ව තවමත් සුවය ලබා නොමැති වේගපන්දු ක්‍රිඩක දුෂ්මන්ත චමීරට බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි අහිමිව තිබේ.
එමෙන්ම, ඇෆ්ගනිස්තානය සමග අවසන් පන්දුවාර 20 තරගයේදී පාදයේ අබාධයකට ලක්වූ පැතුම් නිශ්ශංක බංග්ලාදේශය තරග සංචාරය වන විට පූර්ණ සුවය ලබනු ඇති බව ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රකාශ කරයි.
ලබන මස 04 වැනිදා බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලිය ආරම්භ වන අතර, එක්දින තරගාවලිය ලබන මස 13වැනිදා ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart