
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ ස්ථාන 20 කින් පාපැදි විශාල සංඛ්‍යාවක් සොරකම් කළ වයෝවෘද්ධ පුද්ගලයකු හඳුනාගැනීම සඳහා යාපනය පොලිසිය සිකුරාදා මහජන සහය ඉල්ලා සිටියේය.
පාපැදි අතුරුදන්වීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ පොලිසියට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබිණි.
පාපැදි රැගෙන ගිය ස්ථාන කිහිපයක සීසීටීවී දර්ශන අධ්‍යයනය කිරීමේදී මෙම සොරකම් පිටුපස වයෝවෘද්ධ පුද්ගලයකු සිටින බව පොලිසියට පෙනීගියේය.
සැකකරුගේ වයස අවුරුදු 70ක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ.
පොලිසියට අනුව සැකකරු මීට පෙර දන්නා අපරාධකරුවකු නොවන අතර ඔහු මෙතෙක් හඳුනාගැනීමට අපොහොසත් වී ඇත.
එබැවින් ඔහු හඳුනාගැනීමට සහ සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart