
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන අවසන් විස්සයි20 තරගයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිට අදත් විශාල පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ.
තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය අතර විස්සයි20 තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 07.00ට පැවැත්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි තරගය වෙනුවෙන් තවත් ප්‍රවේශපත්‍ර සංඛ්‍යාවක් ලබාගත හැකි බවට පසුගියදා ප්‍රකාශ කිරීමත් සමඟ තරග ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිය ගණනක් දඹුල්ල ක්‍රීඩාංගණය අවට පෝලිම්වල රැඳී සිටින බව වාර්තා වේ.
වාර්තා වන අන්දමට මෙම සීමිත ප්‍රවේශපත්‍ර සංඛ්‍යාව මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින ක්‍රිකට් ලෝලීහු අද අලුයම 03.00 සිටම පෝලිමේ රැඳී සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart