
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොවිඩ්-19 වෛරසයට එරෙහිව ලබාදුන් එන්නත් හේතුවෙන් ස්නායු, රුධිර හා හෘද ආශ්‍රිත රෝගවල වැඩිවීමක් සිදුව ඇතැයි වෛද්‍ය විශේෂඥයෝ තහවුරු කර ඇත.
ෆයිසර්, මොඩර්නා,ඇස්ට්‍රසෙනෙකා යන එන්නත් සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයනයකින් වෛද්‍ය විශේෂඥයෝ මේ බව තහවුරු කර තිබේ.
කොවිඩ්-19 වෛරසයට එරෙහිව භාවිත කළ මෙම ජීවිතාරක්ෂක එන්නත් විවිධ වෛද්‍ය තත්වයන් 13 ක් උග්‍ර කළ බව සොයාගෙන ඇති බවයි.
Global Vaccine Data Network (GVDN) විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇත.
ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, නවසීලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල් අටක් පුරා මිලියන 100කට ආසන්න එන්නත් ලබා දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙම අධ්‍යයනය සිදුකර ඇත.
කීර්තිමත් ජර්නලයක් වන Vaccine හි මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයේ ප්‍රතිඵලවලට අනුව, කොවිඩ්-19 එන්නත් සහ ඇතැම් සෞඛ්‍ය තත්වයන් අතර සම්බන්ධකම් කිහිපයක් මෙලෙස අනාවරණයවී තිබේ.
විශේෂයෙන්, මෙම එන්නත් ලබාගත් පුද්ගලයින්ට හෘද පේශිවල දැවිල්ලක් ඇතිකරවන මයෝකාඩයිටිස්(myocarditis) ඇතිවීමේ අවදානම වැඩි බව සොයා ගෙන ඇත.
මයෝකාඩයිටිස් යනු හෘද පේශිවල (මයෝකාඩියම්) දැවිල්ලකි. මෙම ප්‍රදාහය නිසා හදවතට රුධිරය පොම්ප කිරීමේ හැකියාව අඩුකළ හැකිය. මයෝකාඩයිටිස් පපුවේ වේදනාව, හුස්ම හිරවීම සහ වේගවත් හෝ අක්‍රමවත් හෘද රිද්මයක් (අරිද්මියාව) ඇති කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart