
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ඉන්දියාවේදී කළ ප්‍රකාශය ආණ්ඩුවේ නිල ස්ථාවරය ද එසේත් නැතිනම් ඔහුගේ පෞද්ගලික මතය ද යන්න රජය පාර්ලිමේන්තුවට දැනුම් දියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවත් ගුවන් තොටුපළ තුනක් ඉන්දියාවට ලබාදෙන බවත් ඇමැතිවරයා ඉන්දියාවේදී ප්‍රකාශ කළ බවත් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“ඇමැතිවරයාගේ ප්‍රකාශය ආණ්ඩුවේ නිල ස්ථාවරයද, කැබිනට් මණ්ඩලයේ සාමූහික ස්ථාවරයද, එසේත් නැතිනම් ඇමැතිවරයාගේ පෞද්ගලික මතයද යන්න රජය විසින් හෙළිකළ යුතුයි. රටක් නියෝජනය කරමින් ඇමැතිවරයකුට එවැනි ප්‍රකාශයක් කළ හැකිද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
එවැනි කිසිදු කරුණක් ඇමැති මණ්ඩලය විසින් සාකච්ඡා කර නොමැති බව පැවසූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අදාළ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරනු ඇති බව පැවසීය.
ඇමැතිවරයාගේ ප්‍රකාශය සමාජ මාධ්‍ය විසින් විකෘති කර ඇති බවත්, යමෙකු ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය ඇසුවේ නම් ඔහුගේ අදහස පැහැදිලි වනු ඇති බවත් ඇමැති මනූෂ නානායක්කාර පැවසීය.
“දෙරට අතර පවතින ඓතිහාසික හා සාම්ප්‍රදායික සබඳතාව පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇමැතිවරයා ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කළා,” යැයි ඔහු පැවසීය.
ඇමැතිවරයා ඔහුගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකළ බවත්, ඔහු ඉන්දියාවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ යුතු බවත් වීරවංශ මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart