
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලි පොදු සේවක සංගමයේ රන්ජන් ජයලාල් කළ ප්‍රකාශයක් පිළිබඳ විමසීම සඳහා ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඉල්ලා සිටියි.
ඔහු සඳහන් කළේ ලංකා විදුලි පොදු සේවක සංගමය නම් වෘත්තීය සමිතිය නියෝජනය කරන රන්ජන් ජයලාල් නම් පුද්ගලයා පසුගිය ජනවාරි 22 වැනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශයක් මහජනතාව නොමඟ යවන සුළු බවයි.
‘පාර්ලිමේන්තුව රුපියල් කෝටි හතක් ලංකා විදුලිබල මණ්ඩලයට පොලු තියලා’ යනුවෙන් ඔහු කළ ප්‍රකාශයක් එදිනම රාත්‍රී ප්‍රවෘත්ති තුළින්ද පසුදින පුවත්පත්වලද පළවී තිබු බව පවසන ඇමැතිවරයා තමා මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් සහ පාර්ලිමේන්තුවෙන් විමසූ බව සඳහන් කළේය.
එහිදී එය අසත්‍ය ප්‍රකාශයක් බව සහ එය මහජනතාව නොමඟ යවන සුළු එකක් බව පැහැදිලි වූ බවත් නියමිත කාලයට ගෙවිය යුතු මුදල් නිසි පරිදි ගෙවා ඇත්තේ පාර්ලිමේන්තුව බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
රටේ මහජනතාව තුළ උත්තරීතර පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ වෛරයක් සහ ද්වේශයක් ඇති කරන මෙම අසත්‍ය ප්‍රකාශය සිදුකළ රන්ජන් ජයලාල් නමැති පුද්ගලයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස ඉල්ලා සිටින බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart