
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කඩාවැදී වෙළෙඳසැලක් කොල්ලකෑමට පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනා මුදල් ලාච්චුවේ යතුර ඉල්ලා තර්ජනය කරද්දී එය සඟවාගෙන ඔවුන්ගේ උත්සාහය වැළැක්වූ තරුණියට වීර සම්මානයක් පිරිනැමීමට කටයුතු කරන බව කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ පවසා තිබේ.
ඇය ප්‍රකාශ කර ඇත්තේ එම සම්මානය ජනාධිපතිවරයා අතින් පිරිනැමීමට කටයුතු කරන බවයි.
සම්මානය ඇයට ලබාදීමට පෙර එම තරුණිය සිය අමාත්‍යංශට ගෙන්වාගෙන සිද්ධිය පිළිබඳව වැඩි තොරතුරු විමසන බව ද කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනිය පවසා තිබේ.
අද සමාජයේ මෙවැනි වීර තරුණියන් සිටීම පිළිබව තමා සතුටුවන බවත් රාජ්‍ය ඇමැතිවරිය ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart