
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාරම්මලදී පොලිස් නිලධාරියකු විසින් වෙඩිතබා මරාදැමූ රොෂාන් කුමාරසිරිගේ බිරිඳ, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
රොෂාන් කුමාරසිරිගේ බිරිඳ වන කමනි රූපිකා ප්‍රියංගනී මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන, පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර, නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම්කර තිබේ.
2024 ජනවාරි මස ලොරියකින් ගමන් කරමින් සිටියදී ‘යුක්තිය’ මෙහෙයුමේ නිරතව සිටි නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තම සැමියා මරණයට පත් වූ බව පෙත්සම්කාරිය පෙන්වාදී ඇත.
එහිදී සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart