
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් වහන්සේ විසින් 2016 මාර්තු 30 වැනිදා කොළඹ දී පැවැති ප්‍රසිද්ධ ජනමාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේදී මුස්ලිම් ප්‍රජාවට යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත්, මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බවත්, බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (15) කොළඹ මහාධිකරණය හමුවේදී විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කර ඇත.
2016.03.30 වැනිදා පැවැති ප්‍රසිද්ධ ජනමාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීමේ චෝදනාව යටතේ විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ සාක්‍ෂි විභාගය ඊයේ (15) අවසන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නඩුවේ තීන්දුව ලබන මාර්තු 28 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.
නීතිඥ ඉරේෂ් සෙනවිරත්න සමඟ නීතිඥ සංජය ආරියදාස විත්තිය නියෝජනය කර ඇත.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කළ පැමිණිලි අනුව විමර්ශන සිදුකර එම නඩුව පවරා තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart