
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි T 20 ලෝක කුසලානය සහ 2024 වසරේ ඉතිරි තරග සඳහා “නිසි සැලැස්මක්” ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දැනුම්දී තිබේ.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ ඊයේ හදිසි සාකච්ඡාවක් පවත්වමිනි.
2023 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ අඩු දස්කම් ගැන ද මෙම රැස්වීමේ දී සාකච්ඡා කර තිබේ.
එසේම 19න් පහළ ලෝක කුසලාන පරාජයන් පිළිබඳ සහ අනාගතය සඳහා පවතින සැලසුම් ද මෙහිදී විමර්ශනය කර ඇත.
වාර්තා වන පරිදි ඇමැති ප්‍රනාන්දු වත්මන් උපායමාර්ග පිළිබඳ සෑහීමකට පත් නොවන බව මෙහිදී ප්‍රකාශ කර ඇත.
ක්‍රීඩක සංවර්ධනය, කණ්ඩායම් තේරීම සහ ක්‍රිකට් සම්බන්ධ සමස්ත ප්‍රවේශය ඇතුළත් පුළුල් සහ ක්‍රියාකාරී සැලැස්මක අවශ්‍යතාව ඔහු අවධාරණය කර තිබේ.
පැවති තීරණාත්මක සාකච්ඡාවල දී ඇමැති ප්‍රනාන්දු අවසාන නිවේදනයක් නිකුත් කරමින් සතියක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නිශ්චිත සැලැස්මක් ඉල්ලා සිටි බව වාර්තා වේ.
මෙම සැලැස්ම 2024 ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය සඳහා උපාය මාර්ග ගෙනහැර දැක්විය යුතුය.
එසේම ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ උපදේශක සනත් ජයසූරිය විසින් ඉදිරිපත්කර තිබූ 19න් පහළ කණ්ඩායම පිළිබඳ විවේචනාත්මක වාර්තාව මගින් මතු කරන ලද කරුණු සඳහා පිළියම් යෙදිය යුතු බවට ද ඇමැතිවරයා දැනුම් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart