
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානය එරෙහිව පැවැති එක්දින තරගාවලිය තුනට බිංදුවක් ලෙස ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(14) සමත්විය.
පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි එක්දින තරගය කඩුලු 03කින් ජයගනිමින් එක්දින තරගාවලි පූර්ණ ජයග්‍රහණයකට ශ්‍රී ලංකාව හිමිකම් කියනු ලැබුවේ වසර දෙකකට පසුවය.
ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදී පන්දුවාර 48යි පන්දු 2 ක් තුළ ලකුණු 266ක් ලබාසිටියදී සියලුදෙනා දැවිගියහ.
ඇෆ්ගනිස්ථානයේ අවසන් කඩුලු 06 ලකුණු 43ක් තුළ දැවීගිය අතර ප්‍රමොද් මධුෂාන් කඩුලු 03ක් බිඳහෙළන ලදී.
එමෙන්ම අවසන් තරගයට කැදවීමට සාධාරණයක් කළ අකිල ධනංජය සහ දුනිත් වෙල්ලාලගේ මෙන්ම,අසිත ප්‍රනාන්දු කඩුලු 02 බැගින් දවාගත්හ.
ඇෆ්ගනිස්ථානය ලබාදුන් ලකුණු 267ක ඉලක්කය පන්දුවාර 35යි පන්දු 2කදි කඩුලු 3ක් පමණක් දැවී ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
විශිෂ්ඨ ඉනිම් දියත් කළ අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිශ්ශංක පළමු කඩුල්ලට ලකුණු 173ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
05 වැනි එක්දින ශතකය වාර්තා කළ පැතුම් නිශ්ශංක ලකුණු 118ක් ලබාගත් අතර ඔහු ශ්‍රී ලංකා පිතිකරුවකු ලකුණු 2000 සීමාව වේගයෙන්ම පසුකළ ක්‍රීඩකයා බවට පත්විය.
අවිශ්වික ප්‍රනාන්දු ලකුණු 91ක් රැස්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart