
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානය සමග අද පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයන් දෙදෙනකු විවේක ගැන්වීමට නියමිත බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විට තරග තුනකින් යුත් එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන ඇති හෙයින් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ අද තරගයට ක්‍රිඩා නොකරන බව එම ආරංචි මාර්ග සදහන් කරයි.
අකිල ධනංජය සහ දුනිත් වෙල්ලාලගේ ඔවුන් දෙදෙනා වෙනුවට ඇෆ්ගනිස්තානය සමග තුන්වැනි එක්දින තරගයට ක්‍රීඩාකරන අතර, පිතිකරණ අංශයේ වෙනසක් සිදු නොවන බව වාර්තා වේ.
තරගය අද පස්වරු 2.30 පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි ආරම්භවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart