
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගය මෙරට ප්රධාන විපක්ෂය බවට පත්වීමට උත්සාහ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරිකාර් අද ප්රකාශ කළේය.
“ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ මෑතකාලීන ඉන්දීය සංචාරයෙන් අපට පැහැදිලි වන දෙය නම්, ඔහුගේ පක්ෂය රටේ ප්රධාන විපක්ෂය බවට පත්වීමට උත්සාහ කරන බවයි,” මරික්කාර් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
“ජාතික ජන බලවේගය ප්රධාන විපක්ෂය වුණාට අපිට කමක් නැහැ, මොකද ඔවුන් මේ රටේ ප්රධාන විපක්ෂය වුණාම අපි ආණ්ඩුවේ ඉන්නවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
“කොහොම වුණත් අපට හැඟෙන්නේ දිසානායකගේ ඉන්දීය සංචාරය ධනාත්මක පියවරක් බවයි. ඔහු ආයෝජන, විදේශ සබඳතා ගැන පාඩම් ඉගෙනගෙන ආයේ එන්න ඇති” යැයි ද මන්ත්රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart