
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය.
ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය කල්දමිමේ කිසිදු හැකියාවක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
සිය ඉන්දීය සංචාරය නිමවා කොළඹට පැමිණි ජාජබ නායකයා ජනමාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාශ කළේය.
“මෙම ජනාධිපතිවරණය ජනාධිපතිවරයාට කල්දැමීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ සඳහා විශාල පිඹිදීමක් සහ බලාපොරොත්තුවක් ජනතාව තුළ තිබෙනවා. ඒ තුළින් විශාල පරිවර්තනයක් ඇතිකර ගැනීම අපේ අපේක්ෂාව. ඊට ජාත්‍යන්තර සහාය අවශ්‍යයයි.”
සිය ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් හෙට පවත්වන ජනමාධ්‍ය සාකච්ඡාවකදී සම්පුර්ණ තොරතුරු පවසන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart