
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානය සමග පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ඊයේ (09) පැවැති පළමු එක්දින තරගය ලකුණු 42කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 381ක් රැස්කළේය.
එහිදි විශිෂ්ඨතම ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ඉතිහාසගත වූයේ ශ්‍රී ලාංකික පිතිකරුවකු රැස්කළ පළමු ද්විත්ව ශතකය වාර්තා කරමිනි.
පන්දු 139කදී ඔහු නොදැවීවි රැස්කළ ලකුණු 210 ශ්‍රී ලංකා පිතිකරුවකු එක්දින පිටියේ වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
මිට පෙර එක්දින ඉහළම ලකුණු සංඛ්‍යාව සනත් ජයසුරිය වාර්තා කර තිබුණේ ලකුණු 189 ක් රැස්කරමිනි.
ලකුණු 382ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පලමු කඩුලු 05 ලකුණු 55කට දැවීගියේය.
කෙසේවෙතත් 06 වැනි කඩුල්ලට පිටියේ එක්වූ මොහොමඩ් නබි (136) සහ අස්මතුල්ලාහ් ඔම්රසි (149 නොදැවි ) ලකුණු 242ක පිතිකරණ සබදතාවක් පැවැත්වූහ.
ඒ අනුව ඇෆ්ගනිස්ථානය තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාව හමුවේ තරගය පරාජයට පත්වුවද ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 339ක් රැස්ගත්හ.
එහිදී ප්‍රමෝද් මධුෂාන් විසින් කඩුලු 04ක් බිඳහෙළන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart