
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ‘සද්ජන රළ’ රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීම අද උදෑසන පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී පැවැත්විණි.
පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රීක් නායක සිරිපාල ගම්ලත් විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර, මෙම රැස්වීම සදහා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන නාමල් රාජපක්ෂ, තිස්ස කුට්ටිආරච්චි, ඩී.වී.චානක, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමේ, ජගත් සමරවික්‍රම, චින්තක මායාදුන්න ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙසේ සඳහන් කළේය.
“අපේ රටේ දැවැන්තම හා ප්‍රධානම දේශපාලන පක්ෂය තමයි පොදුජන පෙරමුණ. අපි වගකීම් පැහැරහරින පක්ෂයක් නෙමෙයි. වගකීම් බාර අරන් කටයුතු කරන පක්ෂයක්. පහුගිය කාලෙ කුමන්ත්‍රණශීලීව අපේ පක්ෂය වැට්ටුවා. අපේ ආණ්ඩුවටත් එදා ගෝඨාභය රාජපක්ෂ පාලනයෙද වෙඩිතියලා අපේ බලය රැකගන්න කටයුතු කරන්න තිබුණා. නමුත් එහෙම දෙයක් නොවිය යුතුයි. අරගලයට සම්බන්ධ තරුණයො පුනරුත්ථාපනය කරන්න ඕන කියලයි මම අදත් හිතන්නෙ. ආණ්ඩුව ඇතුළෙම ක්‍රියාත්මක වුණු කුමන්ත්‍රණ නිසා අපේ ආණ්ඩුව වැටුණෙ. ඒක හදුනගන්න අපිට බැරි උණා. ඒක අපි පිළිගන්න ඕන.
පහුගිය කාලෙ අධිකරණයෙන් තීන්දුවක් දුන්නා, මේ රට බංකොලොත්වීම පිළිබඳව. මේ නඩු තීන්දුවෙ කොහෙවත් නෑ රාජපක්ෂල මේ රට බංකොලොත් කළා කියලා. දැන් මහ බැංකු අධිපත්වරයා කියනවා මේ රට බංකොලොත් නෑ කියලා. අපේ අමරකීර්ති අතකෝරල මන්ත්‍රීවරයා මැරුණට පස්සෙ තමයි කියන්නෙ රට බංකොලොත් නෑ කියලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාගෙ පාලනය කාලෙ වගේ ග්‍රාමීය ආර්ථිකය යළි ගොඩනැගීමේ වැඩපිළිවෙලක් නැවත සකස්කළ යුතුයි.
මම දැක්කා අනුර කුමාර දිසානායක ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා කරනවා. ඒක හොදයි. නමුත් පහුගිය කාලෙ ජනතා විමුක්ති පෙරමුණ දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා. ඉන්දියාවෙන් අපේ රටට ආව ආයෝජන විශාල ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්වෙලා මේ රටට අහිමි කළා. සාම්පූර් බලාගාරය ඊට හොදම නිදසුනක්. නමුත් ජනතා විමුක්ති පෙරමුණ වෙනත් මතයකට ඇවිල්ලා තියෙනවා. ඉස්සර පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතාකරපු ජවිපෙ අද ඉන්දියානු සංචාරයක් ගිහින් උදම් අනමින් ඒ ගැන කතා කරනවා. නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ ඉන්දියානු සංචාරයෙන් පස්සෙ මේ රටට එන ආයෝජනවලට එකඟත්වය පළකරයි කියලා හිතනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart