
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආර්ථික අපහසුතා හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව අඹුසැමි යුවලක් සියදිවි නසාගැනීමට තැත්කර ඇත.
දිවයින පුවත්පතට අනුව, මෙම අඹුසැමි යුවළ හම්බන්තොට සූරියවැව වෙනිවැල් ආර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක් සහ 54 හැවිරිදි කාන්තාවකි.
වාර්තාවට අනුව, මෙම කාන්තාව කොඳුඇට පෙළේ ආබාධයක් හේතුවෙන් දිගු කලක් ඇඳට සීමා වී ඇති අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් අවශ්‍ය වී ඇත.
වෛද්‍ය වියදම් සහ ප්‍රවාහන පහසුකම් දරාගත නොහැකිව සිටි අඹුසැමි යුවළ ඉරිදා (04) සවස වස පානය කර සියදිවි හානිකර ගැනීමට තැත්කර තිබේ.
අසල්වාසීන් විසින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අඹුසැමි යුවළ සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart