
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ පස්දින ඉන්දීය සංචාරය පිළිබඳ එරට බොහෝ ජනමාධ්‍යවල ප්‍රමුඛ අවධානයක් යොමුව තිබේ.
අනුර කුමාර දිසානායක මෙම සංචාරයේ නිරත් වන්නේ ඉන්දීය රජයේ ආරාධනයකට අනුවය.
මෙහි දැක්වෙන WION පුවත් සේවයේ වාර්තාවට අනුව, අනුර කුමාර දිසානායක හඳුන්වා ඇත්තේ, සමීක්ෂ වාර්තා ඔස්සේ පෙන්වන දැනට ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රියම නායකයා ලෙසයි.
අදාළ සමීක්ෂණ වාර්තා තොරතුරු ද ගෙනහැර දක්වමින් එම මාධ්‍ය පෙන්වා දෙන්නේ අනුර කුමාර දිසානායකට මේ වන විට 50%කට ආසන්න ජන ප්‍රසාදයක් පවතින බවයි.
මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා ඔහු වනු ඇති බවට ද එම මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේවෙතත් අනුර කුමාර නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ එම මාධ්‍ය විසින් හඳුන්වන්නේ ඉන්දු – ලංකා ගිවිසුම අවස්ථාවේ ඊට එරෙහි වූ පක්ෂයක් ලෙසිනි.
සිය ඉන්දීය සංචාරය අතරතුර අනුර කුමාර දිසානායක අද පෙරවරුවේ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් ද හමු වී තිබිණි.
පහතින් දැක්වෙන්නේ, WION පුවත් සේවය අනුර දිසානායකගේ ඉන්දීය සංචාරය පිළිබඳව වාර්තා කර ඇති ආකාරයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart