
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් හමුවී තිබේ.
‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඉන්දීය ඇමැතිවරයා කියාසිටියේ අද පෙරවරුවේ දිසානායක මන්ත්‍රීවරයා හමුවීමට ලැබීම පිළිබඳ තමන් සතුටු වන බවයි.
“අපගේ ද්විපාර්ශ්වික සබඳතා සහ එය තවදුරටත් ගැඹුරු වීමෙන් ලැබෙන අන්‍යෝන්‍ය ප්රතිලාභ පිළිබඳ හොඳ සාකච්ඡාවක් කළා. ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ ඉදිරි මාවත ගැන ද අපි කතාකළා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
‘අසල්වැසියාට පළමුතැන’ සහ ‘සාගර්’ ප්‍රතිපත්ති සමඟින් ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරකු සහ විශ්වාසවන්ත හවුල්කරුවකු වන බවට ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් සහතික විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉන්දීය රජයේ ආරාධනයකට අනුව පස්දින සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගොස් තිබේ.
“ජාතික ජන බලවේගය ප්රමුඛ සන්ධානය මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට ඉන්දීය රජයෙන් නිල ආරාධනයක් ලැබුණු පළමු අවස්ථාව මෙයයි” යනුවෙන් ජාතික ජන බලවේගය ඊයේ මෙම ඉන්දීය සංචාරය පිළිබඳ ප්‍රකාශ කළේය.
කෘෂිකාර්මික හා කර්මාන්ත ක්ෂේත්රයේ විශිෂ්ටතා මධ්‍යස්ථාන නැරඹීමට අමතරව දූත පිරිස නවදිල්ලිය, අහමදාබාද් සහ තිරුවානන්තපුරම් නගර තුනෙහි සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart