
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දුනීසියාවේ බාලිහි පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමේදී ජපාන ක්‍රිකට් සංගමයට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිව තිබේ.
සාමාජිකත්වය ලබා ගැනීම සිදුව ඇත්තේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා වෙතිනි.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල සාමාජික සහ එහි මූල්‍ය හා අලෙවි කමිටුවේ සභාපති ෂම්මි සිල්වා, ජපාන ක්‍රිකට් සංගමයේ Alex-san සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සමඟ වෙනම රැස්වීමක් පවත්වා තිබිණි.
ජපානයේ ක්‍රිකට් දියුණුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය අතර ඇති විය හැකි අවබෝධතා ගිවිසුමක් පිළිබඳ ඔවුන් එහිදී සාකච්ඡා කර තිබේ.
ජපාන ක්‍රිකට් සංගමයේ විශේෂ උපදේශක සහ ජපානයේ ක්‍රිකට් දියුණු කිරීම සඳහා වූ සුහද තානාපතිවරයා වන ප්‍රියන්ත කාරියප්පෙරුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය අතර මෙම හමුව සම්බන්ධීකරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart