
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගම්පහ කෙහෙල්කන්ද කහටාන ශ්රී ගණාරාම විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමියන්ට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ගොඩගම පාර අතුරුගිරිය පදිංචිකරුවකු වන සංවිධානාත්මක අපරාධකරුවකු වන අසංක කුමාර හේරත් නොහොත් ලැටා සහ පොඩි බූට්, ඊසා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයන් වන බව ද පොලිසිය සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය වෙත භාරදීමට කටයුතු කළ බව අතුරුගිරිය පොලිසි අනාවරණය කරයි.
වෙඩික්කරුවන් පැමිණියේ යැයි සැකකරන මෝටර් රථය කඩුවෙල ගොඩැල්ලවත්ත ප්රදේශයේ පාළු ස්ථානයක ගිනි තබා තිබියදී ඉකුත්දා කඩුවෙල පොලිසිය විසින් සොයාගෙන තිබිණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart