
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මහ නගර සභාව විසින් පසුගියදා විශාල ලෙස ඉහළ දමන ලද ආදාහනාගාර ගාස්තු අඩුකිරීම සඳහා හිටපු නගර සභා මන්ත්රීවරයකු ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ඉල්ලා ඇත.
කොළඹ පදිංචිකරුවන් සඳහා රුපියල් 1,500 සිට රුපියල් 15,000 දක්වාත්, වෙනත් අය සඳහා රුපියල් 5,000 සිට රුපියල් 25,000 දක්වාත් ආදාහනාගාර ගාස්තු ඉහළ දැමීමට මහ නගර සභාව ගත තීරණය වෙනස් කිරීමට වහාම මැදිහත්වන ලෙස මෙලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ හිටපු නගර සභා මන්ත්රීවරයකු වන ඇල්ෆ්රඩ් සම්පත් විසිනි.
දිළිඳු ජනතාවට මෙතරම් ඉහළ ආදාහනාගාර ගාස්තු දැරිය නොහැකි බවත්, එය අඩකරන ලෙසත් ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.
ඇල්ෆ්රඩ් සම්පත් සභාවෙන් ඉල්ලා සිටින්නේ, ගාස්තු අඩු කිරීම කළ නොහැකි නම් දැරිය හැකි මිලකට එම සේවාව ලබාදෙන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart