
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මියන්මාරයේ Laukkaing පළාතේ අන්තර්ජාල වංචා මධ්‍යස්ථාන පවත්වාගෙන යන චීන යුද නායක පවුල්වලට එරෙහිව මියන්මාර රජය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙය මියන්මාරයේ තායිලන්ත දේශසීමාව ආසන්නයේ අන්තර්ජාල වංචා මධ්‍යස්ථානවල වහලුන් ලෙස ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු සිටින බවට ප්‍රකට පළාත නොව වෙනත් පළාතකි.
මියන්මාර හමුදා ජුන්ටාව විසින් පෙරේදා දිනයේ දී චීන මාෆියා පවුල් තුනක නායකයන් විශේෂ ගුවන් යානයකින් බීජිං වෙත යොමු කර ඇත.
Bai Suocheng, Wei Chaoren සහ Liu Zhengxiang යන තිදෙනා 2009 වසරේ සිට මියන්මාර් ජුන්ටාවෙහි අනුග්‍රහය ඇතිව Laukaing පළාතේ ‘වංචා නගරයක්’ පවත්වාගෙන ගොස් ඇත.
එහෙත් චීන රජයෙන් වැඩිවන පීඩනය සහ මියන්මාරයේ දුර බැහැර ප්‍රදේශවල මියන්මාර කැරලිකාර හමුදාවන්ට අහිමි වූ ජුන්ටාව දුර්වල වීමත් සමඟ මෙම යුද නායකයන් හසුකර දීමට හේතු විය.
යුද නායකයන් විසින් චීන සහ අනෙකුත් විදේශීය ජාතිකයන් දස දහස් ගනනක් Laukaing වෙත ප්‍රවාහනය කර ඇති අතර එම නගරය මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තිය සහ අන්තර්ජාල වංචා මධ්‍යස්ථානවල කාර්යබහුල ස්ථානයක් බවට පත් කර ඇත.
වංචා මධ්‍යස්ථානවල සිටි 44,000කට අධික පිරිසක් මියන්මාරය විසින් චීනයට භාරදී තිබේ.
ඡායාරූපයේ දැක්වෙන්නේ, විශේෂ ගුවන් යානයකින් යුද නායකයන් බීජිං වෙත පිටුවහල් කරන ආකාරයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart