
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිවසේ ඇති කරන කුකුළන් මස්සිනාගේ නිවෙසකට ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක දී කුකුළන් ඇතිකළ පුද්ගලයකුට පෙරේදා (30) පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි චුන්නාකම් පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ චුන්නාකම්, කන්දරොඩේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සන්ද්‍රරාජන් ගෝබි රාජ් නමැති ශ්‍රී ලංගම කොන්දොස්තරවරයකු බව පොලිසිය කියයි.
මියගිය කොන්දොස්තර සහ ඝාතනය සිදුකළ බව කියන සැකකරු මියගිය පුද්ගලයාගේ මස්සිනා වන අතර, මියගිය කොන්දොස්තර ඔහුගේ නිවෙසේ කුකුළන් ඇති කර ඇත.
එම කුකුළන් අසල පිහිටි සැකකරුගේ නිවෙසට නිතර යන අතර, සිද්ධිය වූ දිනයේද ගොස් ඇති බව පොලිසිය පවසයි.
පසුව සැකකරු ඒ පිළිබඳව කොන්දොස්තර මස්සිනාගෙන් විමසා ඇති අතර, එහිදී ඇතිවූ බහින්බස්වීමකදී සැකකරු නිවෙසට දිවගොස් පිහියක් රැගෙනවිත් මියගිය පුද්ගලයාට පහරදී ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශත වලදී අනාවරණය වී තිබේ.
එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කොන්දොස්තරවරයා තෙලිප්පලේ රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව
පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් 54 හැවිරිදි සැකකරු කන්දරොඩේ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
මෘත ශරීරය තෙලිප්පලේ රෝහලේ තැන්පත් කර ඇති අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart