
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහ කර්නාටක ප්‍රාන්ත කණ්ඩායමේ නායක මායන්ක් අගර්වාල් බරපතළ සෞඛ්‍ය ගැටලුවකින් දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
වාර්තා වන පරිදි ඔහු සිය සගයන් සමග ජනවාරි 30 වැනි දින අගර්තාලා සිට දිල්ලි බලා පියාසර කිරීමට සූදානම්ව සිට ඇත්තේ, මෙම සිකුරාදා ඔවුන්ගේ මීළඟ රංජි කුසලාන තරගය සඳහා එක්වීමටය.
කණ්ඩායමේ සාමාජිකයන්ට අනුව, මායන්ක් අගර්වාල් ඉන්ඩිගෝ ගුවන් යානයේ පානීය ජලය බෝතලයක් ලෙස වරදවා වටහාගෙන ස්ප්‍රීතු (විෂබීජ නාශක සහ පිරිසිදු කිරීමේ කාරකයක්) පානය කළ බව පැවසේ.
ආහාර මාර්ගය පිළිස්සීම හේතුවෙන් ඔහු ක්ෂණිකව එයින් වැඩි ප්‍රමාණයක් කෙළ ගසා ඉවතට දමා ඇති බව කියනු ලැබේ.
අනතුරුව ඔහුව ඉක්මණින් යානයෙන් පිටතට ගෙන ප්‍රාදේශීය රෝහලකට ගෙනගොස් ලද අතර එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
කෙසේවෙතත්, 32 හැවිරිදි ඔහුගේ ජීවිතයට කිසිදු තර්ජනයක් නොමැති අතර, ඔහු දැනට ස්ථාවරව සිටින බව හින්දු පුවත්පත වාර්තා කරයි.
මායන්ක්ගේ තත්ත්වය තවදුරටත් තක්සේරු කර වැඩිදුර ප්‍රතිකාර සඳහා බැංගලෝර් වෙත ගුවනින් රැගෙන යෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart