
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 3කින් ජයගනු ලැබීය.
කිම්බර්ලිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 85කදී බිඳ වැටිණි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනුර කළුපහන ලකුණු 53ක් ලබාගත්තේය. මල්ෂ තරුපති ලකුණු 42ක් රැස් කිරීමට සමත් විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රනයිකෝ ස්මිත් ලකුණු 47ට කඩුලු 4ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 231ක් රැස් කළේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් පන්දුවාරයේදී තරගය ජය ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදී ය
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ස්ටෙෆන් පැස්කාල් ලකුණු 33ක් සහ ස්ටීව් වෙඩර්බර්න් ලකුණු 61ක් රැස්කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart