
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලුතින් ටෙස්ට් වරම් ලැබූ නවක ක්‍රීඩකයන් 7 දෙනකු සමග ඕස්ට්‍රේලියාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර, ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ටෙස්ට් ජයක් ලැබුවා.
බටහිර ඉන්දීය කොදෙව් පිලක් මෙසේ ඕස්ට්‍රේලියාව පරාජය කළේ තරග 30කට පසුවයි.
ඕස්ට්‍රේලියාවේදී නම් වසර 27කට පසුවයි.
තරගයේ වීරයා වුණේ තම දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටි ශමාර් ජෝශප්ය.
ඔහු දෙවැනි ඉනිමේදී ලකුණු 68කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.
ඒ පෙර දිනයේ පන්දුවට පහරදෙමින් සිටියදී, මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් පාදයේ මහපට ඇඟිල්ලේ වැදී, රෝහල්ගත කිරීමෙන් අනතුරුවය.
ඕස්ටේලියාව සමග මීට පෙර පැවැති ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනූ ශමාර්, එහිදී තම පළමු ටෙස්ට් පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් අතර, ඒ ඉනිමේදීද කඩුලු පහක් දවා ගැනීමට සමත් විය.
ශමාර් ජෝශප් යනු මීට වසරකට පමණ පෙර ගයානාවේ ඈත එපිට කුඩා ගම්මානයක ජීවත් වූ තරුණයෙකි.
ඔහුගේ ගමට ළඟාවීමට ගඟ දිගේ දෙදිනක් ගමන් කළ යුතුය.
350 දෙනෙකු පමණ ජීවත් වන ඒ ගමට අන්තර්ජාල පහසුකම් තබා ජංගම දුරකතන පහසුකම්වත් නොමැත.
වසරකට පෙර ඔහුගේ සිහිනය වී තිබුණේ ගයානාවේ එක් පළමු පෙළ ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කිරීමයි.
එහෙත් එයින් මාස 12කට පසු අද ඔහු ගැන ලෝකයම කතා කරන තත්ත්වයට ඔහු පත්ව සිටියි.
තුවාල වූ මහපට ඇඟිල්ලට වේදනා නාශක ලබාගනිමින්, අද පිටියට පැමිණි ඔහු නොනවත්වා පන්දු වාර 11.5ක් යවමින් කඩුලු 7ක් දවාගෙන, බටහිර ඉන්දීය කොදෙව්වන්ට සුරඟන කතාමය ජයග්‍රහණයක් ලබා දීමට දායක විය.
(තිළිණ මලලසේකර)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart