January 25, 2024

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ මරණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස අදහස් පළකරන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකළ බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.

ඇමැතිවරයා සඳහන් කරන්නේ මරණයක් සම්බන්ධයෙන් එවැනි ආකාරයේ අදහස් පළකිරීම් අනුමත කළ නොහැකි බවයි.

“එතුමාගේ මරණය ගැන සමාජ මාධ්‍යවල ඉතාමත් නරක විදියට පළ කිරීම් සිදුකර තිබෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වුණා හැමදාම කමෙන්ට්ස් දාන්නේ කවුද කියලා. මේ වතාවේ සොයාබැලීමක් කළාම… ඒක පක්ෂයකට සම්බන්ධ කට්ටිය තමයි මෙහෙම දේවල් දාලා තියෙන්නේ. නැත්නම් දෙයියනේ මනුස්සයෙක් මැරුණාම මෙහෙම දේවල් කියන්න බැහැ. අපි සොයාබැලීමක් කළා.. ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච කට්ටිය සහ ෆේක් එකවුන්ට්ස්. අපි සතුටු වෙනවා.. දැන් ඒවා හොයාගන්නත් පුළුවන් වෙයි. ඉස්සර නම් හොයා ගන්නත් අමාරුයි නේ.”