
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුපිරි පන්දු යැවීමක් හමුවේ නැම්බ්යාව හමුවේ පරාජය විමට ගිය තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත්විය.
ඒ අනුව, දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දුන් දෙවැනි තරගය නැම්බ්යාව හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 77කින් ජයගත්තේය
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 05කදී ලකුණු 133කට දැවීගියේ නැම්බ්යාවට ජයග්‍රහණය පහසු කරමිනි.
එහිදී හුදෙකලා පිතිකරණයක නිරතවූ සුපුන් වඩුගේ නොදැවී ලකුණු 56ක් රැස්කළේය.
කෙසේවෙතත්, නැම්බ්යාවේ ජයග්‍රහණ සිහිනය බොඳකිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ.
ඒ අනුව, නැම්බ්යානු ඉනිම පන්දුවාර 27කදී ලකුණු 56කට සීමාවිය.
විශ්ව ලහිරු සහ රුවිෂාන් පෙරේරා නැම්බ්යාවේ කඩුලු 03 බැගින් බිඳහෙළූහ. දිනුර කලුපහන කඩුලු දෙකක් ලබාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart